03 January 2010

ඔබ ආදරය කරන කෙනා මිය ගියොත්...!

0comments

"ඔබ මා හමුවුන මේ ඉර හද යට
කොතැනක සිටියත් මා මළ දවසට
මගෙ ළග තනියට ඉනු මැනවී
මගෙ ළග තනියට ඉනු මැනවී...."

ආදරය කියන්නෙ බැදීමක්...ඒ බැදීම තිබිය දී ආදරය කරන කෙනා අහිමි වීම හදවත දවා අලුකරන වේදනාවක් ජනිත කරවනවා... මේ ලෝකෙ හැමෝම පතන්නෙ කවදාවත් තමන් ආදරය කරන අය අහිමි වෙන්න එපා කියල යි. ඒත් ඒ පැතුම ඒ විදියට ම සිද්ධ වේවි ද....! ගැටලුවක්. අපි හිතන්න වත් අකමැති දෙයක්.

මම පුංචි කතාවක් කියන්නම්.

ඔන්න එකමත් එක කාලෙක හිටිය අහිංසක කුරුලු ජෝඩුවක්. ඒ දෙන්න එකිනෙකාට හරිම ආදරෙයි. මේ දෙන්නට තිබුනෙ සුන්දර සිහින ලෝකයක්. ඒ සිහිනෙක පුංචි කැදැල්ලකුත් තිබුණ. මේ කුරුල්ලා ඒ කිරිල්ලි මුණගැහුණට පස්සෙ හිතුවෙ ආයෙ කවුරුවත් ඔන නෑ. මට හැමදේම ලැබුණ කියල. කිරිල්ලිය තමන්ගෙ ජීවිතේ රැක ගන්න, තමන්ට පිහිට වෙන, තමන්ගෙ ආදරේට පණටත් වඩා ආදරේ කළා.

ඒත් දවසක්....!

මේ දෙන්න පාර හරහා ඉගිල ගියේ කැදැල්ලක් තනන්න තැනක් හොයාගෙන. ඒත්...වේගයෙන් ආපු යතුරු පැදියක් මේ දෙන්නගෙ ඇගේ වැදුනා. යතුරු පැදිය දිගටම ගියා. කුරුල්ලයි කිරිල්ලියි විසිවෙලා ගියා. කුරුල්ල ඔලුව උස්සල බලද්දි තමන්ට තුවාල නැති බව තේරුණා. ටිකක් පියාඹල බැලුවා. පියාඹන්න පුලුවන්. "ඒත් කෝ මයෙ කිරිල්ලි....!" හැම තැනම හෙව්ව. අන්තිමට දැක්ක, ඒ පාරෙම අයිනෙ වැටිල
ඉන්නව.














"අනේ දෙයියනේ..මයෙ කිරිල්ලි...!" කුරුල්ලා හඩමින් ළගට ගියා. එයාට තුවාල වෙලා. හරිම පීඩාවෙන් කෙදිරි ගානවා. වටපිට බැලුව. කරකියාගන්න දෙයක් නෑ. කුරුල්ලගෙ මුලු හදවත ම වේදනාවෙන් පිච්චිල ගියා. කරන්න කියල කිසිම දෙයක් නෑ. අන්තිමට කුරුල්ල කිරිල්ලිට කෑම හොයාගෙන ඇවිත් එයාට කවන්න පටන් ගත්ත.














"අනේ මේ කෑම ටික කන්න...දෙයියන්ගෙ නාමෙට මැරෙන්න නම් එපා...ඔය ගලන ලේ නවත්තන්න මට තේරෙන්නෙ නෑ දෙයියනේ...කොහොම හරි සනීප වෙන්න ... මම ඔයා ළගින් ම ඉන්නම්...!"

කිරිල්ලිත් ටික ටික කුරුල්ල ගෙනත් දුන්න කෑම කෑව. ඒත් හරි ම අමාරුයි. කිරිල්ලිටත් ඕන ජීවත් වෙන්න. ඒත් වෙන මොනව කියල කරන්න ද?

ටික ටික කිරිල්ලිට කෑම කන්න අපහසු වුනා. කිරිල්‍ලිට තේරුණා එයාගෙ ඇග පණ නැති වේගෙන එනව කියල. එයා හෙමීට බිම දිගා වුනා.














කිරිල්ලිය තමන්ගෙ අවසන් හුස්ම ටික හෙළන්න පටන් ගත්තා. පොළවේ වැතිරී සිටිය දී ම ඇයගෙ සිරුර නිසොල්මන් වුනා. දෑස් පියවුනා. අවසන් සුසුම් පොද වා තලයට මුසු වුනා.

කුරුල්ලාට මහා භයක් දැණුනා. මයෙ රත්තරං කිරිල්ලිට මොකක් හරි වුනාද කියල. කකුල් වලින් අල්ලල කිරිල්ලිගෙ සිරුර එහා මෙහා කරල බැලුව. ඒත් කිරිල්ලි කලින් වගේ ඔලුව උස්සල කතා කළේ නෑ. කිරිල්ලි තමන්ව දාල සදහටම යන්න ගියා කියල පිළිගන්න කුරුල්ල කැමති වුනේ නෑ. එයා හිතුවෙ කිරිල්ලිට හොද වෙයි කියල ම යි.













කුරුල්ල කිරිල්ලිගෙ නිසසල සිරුර අසළින් ඉදගෙන වේදනාවෙන් කෑගහන්න ගත්තා. කිරිල්ලිය නැගිට්ටෙ නෑ. සෑහෙන වෙලාවක් කුරුල්ලා කිරිල්ලිය ළග හිටියා. සෑහෙන වෙලාවක්. ඒත් කිරිල්ලිය නැගිට්ටෙ නෑ. ඒ කිරිල්ලිය මේ ලොකෙන් සදහටම සමු ගත්තා. කුරුල්ලා සිහිනෙකින් වත් නොසිතූ තරම් වේ‍ගයකිනුයි තමුන්ගෙ ආදරය බලාගෙන ඉද්දී අහිමි වෙලා ගියේ....!

ඇත්තට ම මේක කවද හරි සිද්ධ වෙන දෙයක්. අපි ආදරේ කරන අය අපිව මේ ලෝකෙ තනි කරල මැරිල යන දවසක් එනව. නැතිනම් අපිට අපි ආදරේ කරන අය ව තනි කරල මැරිල යන්න වෙන දවසක් එනව. මේ කොයි දේ සිද්ධ වුනත් අපිට ඇතිවෙන්නෙ ඉවසගන්න බැරි දුකක්.

ඒ දවසට මුහුණ දෙන්න ඔබ සූදානම් ද...? ඔබේ සිත ශක්තිමත් ද...? හඩන වැළපෙන දුක් සෝ සුසුමින් අප සැම මුදවා ගන්නා ධර්මය තමයි චතුරාර්ය සත්‍ය ධර්මය. දුක, දුකට හේතුව, දුක නැති කිරීම, සහ දුක නැති කරන මාර්ගය කියන මේ කාරණා හතර සහිත ඒ ධර්මය පුරුදු කළා නම්, එදාට අපි ශක්තිමත්.

අද ඔබ ජීවතුන් අතර....ඒත් හෙට...!

මොහොතක් දෑස් පියාගෙන සිතන්න. ඔබ දුකට මුහුණ දෙන්න සූදානම් ද...! දුකෙන් එතෙර වී වෙනස් වන ලෝකයට මුහුණ දෙනෙ එඩිතර කෙනෙක් වෙන්නේ කවදාද...! තීරණය ඔබ සතු යි. ඖෂධය බිහි වූයේ වසර 2553කට පෙර යි.

සැමට තෙරුවන් සරණයි..!

(කාලෙකින් ආයෙ ආවෙ...අපි නැවත ජීවිතය ගැන කතා කරමු.)

27 March 2009

මා දුටු මගේ හිස් කබළ

7comments














මා නොදුටු මගේ හිස් කබළ

කෙසේ මා තුළ ඇද්දැයි
මට හිතුන වාර අනන්තයි...
ඒත් ඉතින් දිවි ඇති තුරා
මා තුළ ම තිබ්බත්
මේ ඇස් දෙකෙන්
මගේ හිස් කබළ
සජීවී ව දකින්න බෑ නේ...
මෙහෙ ම මම හිතුව කියල
ආයිත් මතක් වුනා
අන්තර්ජාලයේ තිබුණ
මේ පින්තූරෙ දැකකට පස්සේ..
හිස්කබළ, මස් පිරිල හමෙන් වැහිල
තියෙද් දී කොයි තරම් ලස්සන ද?
බලන්න එපැයි රූප රාජිණියෝ...
ඒත් ඉතින් මේ හැමෝගෙ ම
මූණේ සමටයි මසටයි යටින්
මේ වගේ හිස්කබළක් නේ තියෙන්නේ...


මේ ටිකට ඉතින් අපේ අය වහ වැටිල, ඊට වඩා දෙයක් නෑ. ටික කාලෙකට මේකත් එක්ක විනෝද වෙලා ඉදලා මැරිල යනවා. ඊට පස්සෙ තවත් තැනක ඉපදිලා. ඔය ටික ම කරනවා. කවදද මේ පිස්සුව හොද වෙන්නේ. කවදද මේ ඇටසැකිළි නාඩගං නවතින්නේ. මේක අපිට තේරුණත් නැතත් ආයි ආයිමත් හැරි හැරී බලනව.. ප්‍රියංක චොප්ර හරි අයිශ්වර්ය හරි වගේ කෙනෙක් යන ගමන් පාරෙදි දැක්කොත්...!

ඔට්ටුයි...ඔබට වත් මට වත් 'අනේ මෙන්න තවත් ඇටසැකිල්ලක්' කියල මතක් වෙන එකක් නෑ ම යි.
කවදා නම් අපි මේ ශරීර වල ඇත්ත තත්වය දකිමුද?
 
සදහම් දිනපොතේ නිර්මාණ දායකත්වය ලබාදුන්නේ productive dreams ආයතනය යි © 2009