Showing posts with label වැඩිපුර ම දකින්න කැමති දේ. Show all posts
Showing posts with label වැඩිපුර ම දකින්න කැමති දේ. Show all posts

14 March 2009

ඇසට ඇසක්


“පින්වත් මහණෙනි, යම් විදිහකින් පුරුෂයෙකු ගේ සිත හැම පැත්තෙන් ම ග්‍රහණය කරගෙන තියෙන යම් රූපයක් තියෙනවා නම්, පින්වත් මහණෙනි, මේ ස්ත්‍රී රූපය තරම් වෙන එක රූපයක්වත් මා දකින්නෙ නෑ. පින්වත් මහණෙනි, ස්ත්‍රී රූපය හැම පැත්තෙන් ම පුරුෂයා ගේ සිත ග්‍රහණය කරගෙන යි තියෙන්නෙ....”
අංගුත්තර නිකායේ චිත්ත පරියාදාන වර්ගයේ පළමු සූත්රය

“පින්වත් මහණෙනි, යම් විදිහකින් ස්ත්‍රියක ගේ සිත හැම පැත්තෙන් ම ග්‍රහණය කරගෙන තියෙන යම් රූපයක් තියෙනවා නම්, පින්වත් මහණෙනි, මේ පුරුෂ රූපය තරම් වෙන එක ම රූපයක්වත් මා දකින්නෙ නෑ. පින්වත් මහණෙනි, පුරුෂ රූපය හැම පැත්තෙන් ම ස්ත්‍රිය ගේ සිත ග්‍රහණය කරගෙන යි තියෙන්නෙ.”

අංගුත්තර නිකායේ චිත්ත
පරියාදාන වර්ගයේ හත්වැනි සූත්රය

මෙය වදාළේ බුදු රජාණන් වහන්සේ. ඇත්තට ම මේක ඇත්තක්. ස්ත්‍රියට පුරුෂයා වශී වෙනව වගේ ම පුරුෂයාට ස්ත්‍රිය වසග වෙලා යනවා. මේක සිද්ධ වෙන දෙයක්. ඉතින් මේක පුරුෂයා මතක තියාගෙන හිටියොත් ඔහුට සිහිය උපදව ගන්න පුළුවන් ස්ත්‍රියගේ රූපය දකිද්දීම. ඒ වගේ ම ස්ත්‍රියත් මේක සිහියේ තියා ගත්තොත් පුරුෂ රූපය දකිද්දීම වරදට නොපෙළඹී රැකෙන්න පුළුවනි. එහෙම නැත්තන් දකින දකින කෙනා මත්තෙ මැරෙන්න ගියොත් අන්තිමේ දී වැරදි කාම සේවනයේත් යෙදිල, ඒඩ්ස් වගේ සමාජ රෝගත් හැදිල පවුලත් කඩා විසුරුවාගෙන මැරෙන්නයි වෙන්නේ. ඒ නිසා පන්සිල් සුරකින අය වශයෙන් තමන් සිටිය යුතු සීමාව රැක ගැනීමට මේ කාරණා සිහියේ තබා ගැනීම වැදගත්.

තෙරුවන් සරණයි..!
 
සදහම් දිනපොතේ නිර්මාණ දායකත්වය ලබාදුන්නේ productive dreams ආයතනය යි © 2009