ප්‍රවෘත්ති මූලාශ්‍ර උපුටා ගත්තේ - ලංකාදීප අන්තර්ජාල කලාපයෙන්
...

මුල් ම පුවත
ත්‍රි මලේ දැරිය මැරීම
කප්පම ඉල්ලුවේ
ගුවන් විදුලි නාලිකාවක් අරින්නලු
ත්‍රි මලේ දැරිය මැරීම
කප්පම ඉල්ලුවේ
ගුවන් විදුලි නාලිකාවක් අරින්නලු
රුපියල් තුන්කෝටියක කප්පමක් ඉල්ලා ත්‍රිකුණාමලේ දැරියක් පැහැරගෙන මරා දැමීයයි කියන ප්‍රධාන සැකකරු සමග තවත් පස් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව ත්‍රිකුණාමල පොලීසිය පවසයි. ගුවන් විදුලි නාලිකාවක් ඇරඹීම සදහා මේ කප්පම් ඉල්ලා ඇතැයි ද ජන සන්නිවේදන උපාධිධරයෙකු ද කප්පම් කරුවන් අතර සිටිතියි ද පොලිසිය කියයි. ත්‍රිකුණාමල පාලඋත්තුවේ ජූඩ් මේරි වරුෂා ^6& මෙසේ මරා දමා ඇත.

දැරිය මැරූ ඝාතකයා පොලිස් වෙඩි පහරින් මරුට
රුපියල් තුන් කෝටියක කප්පමක් ඉල්ලා ත්‍රිකුණාමල පාලඋත්තුවේ හය හැවිරිදි දැරිය ඝාතනය කළැයි සැකපිට අත්අඩංගුවට ගත් පරිගණක ගුරුවරයා මීට මොහොතකට පෙර පොලිස් ජීප්රියක දී වෙඩි වැදී මරණයට පත් විය. මාටඩුපිටිය ඔහු අපරාධය වූ ස්ථානයට රැගෙන යද්දී පොලිස් සැරයන්වරයෙකුගේ බෙල්ල මිරිකීමට ගත් උත්සාහයේ දී ඔහු පොලිස් වෙඩිපහරට ලක්වී ඇතැයි කියති.
තුන්වැනි පුවත
ත්‍රි මල මිනීමරුවාගේ සිරු ර රජයේ වියදමින් වළ දැමෙයි
මව්පියෝ සිරුර එපා කියති
ත්‍රි මල මිනීමරුවාගේ සිරු ර රජයේ වියදමින් වළ දැමෙයි
මව්පියෝ සිරුර එපා කියති
රුපියල් තුන් කෝටියක කප්පම් ගැනීම සදහා දැරියක පැහැරගෙන ගොස් මරා දැමී යැයි අත්අඩංගුවට ගෙන සිටිය දී පොලිස් වෙඩි පහරින් මිය ගිය ඔබ්රින් මර්වින් රිනවුසන් නොහොත් සහාන්ගේ ^25& සිරුර භාරගැනීම ඔහුගේ මව්පියන් ප්‍රතික්ෂේප කළ බවත් උසාවි අවසරයකින් රජයේ වියදමින් සිරුර මිහිදන් කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රංජිත් ගුණසේකර මහතා කියයි.
...මුල ඉදන් අගට ම කියෙව්වනම් තමයි මේක තේරෙන්නේ.. දැන් මෙන්න මේ ගාථාව කියවන්න. මේක ධම්මපදයේ ගාථාවක්...
පාපෝ'පි පස්සති භද්‍රං - යාව පාපං න පච්චති
යදා ච පච්චති පාපං - අථ පාපෝ පාපානි පස්සති
කරගත්තු පව් විපාක නොදී තියෙනකල් විතරයි ඒ පුද්ගලයාට ඒ පව් ලස්සන දෙයක් වගේ පේන්නේ. නමුත් විපාක දෙන්න පටන් ගත්තු දවසට තමයි ඒ පව්වල හැබෑ ස්වභාවය ඒ පාපී පුද්ගලයාට පේන්නේ.යදා ච පච්චති පාපං - අථ පාපෝ පාපානි පස්සති
(ධම්ම පදය - 119 ගාථාව - පාප වග්ගය)
න අන්තලික්ඛේ න සමුද්දමජ්ඣේ
න පබ්බතානං විවරං පවිස්ස
න විජ්ජතී සෝ ජගතිප්පදේසෝ
යත්ථට්ඨිතෝ මුඤ්ච්‍යෙය පාපකම්මා
යම් තැනක සැගවිලා, පව් වල විපාකයෙන් ගැලවෙන්ට පුලුවන් නම්, එබදු තැනක් අහසෙත් නෑ. මුහුද මැදත් නෑ. කන්දක් අස්සේ ගුහාවක හැංගුනත් නෑ. එබදු තැනක් ලෝකෙ කොහෙවත් නෑ.න පබ්බතානං විවරං පවිස්ස
න විජ්ජතී සෝ ජගතිප්පදේසෝ
යත්ථට්ඨිතෝ මුඤ්ච්‍යෙය පාපකම්මා
බුදු රජාණන් වහන්සේ තමයි මේ ගාථා වදාළේ. ඇත්තට ම ඒ කළ පහත් පාපතර ක්‍රියාවට ඔහුට ජීවිතයෙන් ම වන්දිගෙවන්නට සිදු වූ අතර ඔහුගේ දෙමාපියන් ට ඒ මිණිය ද එපා විය. එක් තැනක තමන්ගේ දයාබර දියණිය අහිමි වීම නිසා දෙමාපියන් අඩා වැළපෙද්දී ඇගේ මළ සිරුර පවා නිවසෙන් පිටමන් කිරීමට හිත හදාගත නොහැකි ව සිටිද්දී..රටක් කම්පා කළ පාපතරයෙකු වැදීමේ අවමානයෙන් පීඩා විදින අපරාධකරුවාගේ දෙමාපියෝ තම පුත්‍රයාගේ මළ සිරුර පවා භාර නොගත්තෝ ය. සැබවින් ම තවමත් මෙරට ආගම් භේද නොසළකා, මිනිසුන් පව පිළිකුල් කරති. පව්කාරයෝ ද පිළිකුල් කරති. ඒත් ඒ කවදා වන තුරු ද? එය ද ඉක්මණින් ම අභාවයට යනු ඇත. මෙවන් කිරිසප්පයින්ගේ අහිංසක මුහුණු දෙස බලමින් ම ඔවුන් මරා දැමීමට තරම් මානසික උමතුවක්, මානසික පරිහානියක්, ධාර්මික මත යහපත් යැයි තවමත් පිළිගන්න මෙවන් සමාජයක් තුළ දැන් දැන් ම දකින්නට සිදු වීම මහා ඛේදයක් ම නොවේ ද?
වයස 25ක තරුණයෙකුගේ මේ ක්‍රියාව එක්ක බලද්දී අපේ තරුණ පරපුර මීට වඩා තව තවත් ධාර්මික පසුබිමක් ඇතිකර ගැනීමට කැමැත්ත උපදවා ගතයුතු නොවේද? අද තරුණ පරපුර නිසා බිහිවන ඉදිරි දරු පරපුරට තව තවත් යහපත අයහපත කියා දිය යුතු නොවේද? එසේ කිරීමට නම්, අද අප ධර්මය, යහපතේ හැසිරෙන ආකාරය, සීලය, බුද්ධ දේශනා ආදිය පිළිබද යම්තම් දැනීමක් වත් ඇතිකර ගත යුතු ය.

ජීවිතාවබෝධය පිණිස පවතින ධර්මයක් බැහැර කොට, හින්දුස්ථානයේ 'ප්‍රවීනා', 'මහගෙදර', වැනි දෙමාපියන් හා වාද කරන..වැදූ මවට අත උස්සන..කිඩ්නැපින් සහ බ්ලැක්මේලින් විධි ආදී ගද ගහන දුෂ්චරිතයන් පිරී ඉතිරී ඇති වැල් පොලී එපිසොඩ් ඩබින් නාට්‍යයන් වමාරන සංස්කෘතියක් යහපත් සමාජයක් ගොඩනගන්නේ නැත. එසේ ම ටීනේජර් විලේජර්ස්, ගැන්ග්ස්ටර් සම්ප්‍රදායන්, වසරේ දෙකේ විවාහ ජීවිත සහිත ඩිවෝස් සම්ප්‍රදායන් ආදී තවත් මෙකී නොකී දුෂ්චරිත පිරි බටහිර සංස්කෘතිය ද, යහපත් සමාජයක් ගොඩ නගන්නේ නැත.
ඉන්දියාවේ එදා තිබුණ යහපත් ධාර්මික පසුබිම බුදු දහම වියැකී යාමත් සමග ම යටපත් වී ගොසිනි. එදා මිහිදු මහ රහතුන් ලක්දිවට ගෙන ආ උතුම් දහමත්, ධාර්මික දිවි පැවැත්මත් නිසා අප ලද ඒ භාග්‍යය වත්මන් හෙළයින්ගේ ම නොසැළකිලිමත්කම නිසා, ඔවුන්ගේ ම මත ස්ථාපිත කොට බුදු දහම ඊට අනුව වෙනස් කිරීමට යාම නිසා වද වී යාමේ තර්ජනයට මුහුණ පා ඇත.
ඒ නිසා මේ වෙනුවෙන් වත්මන් හෙළ බොදු පරපුර වහා අවධානය යොමු කළ යුතු ව ඇත. නැතිනම් කර්ම විපාක සත්‍ය කරමින් මෙවන් අසික්කිත සිදු වීම් සිදු වෙද්දී, කිසිවකට සම කළ නොහැකි බුදු දහම පෘථග්ජන විද්‍යාඥයින්ගේ වෙනස්වන විද්‍යාව හා සසදමින්, එය ම සරණ යමින් සිට ඒ සියළු දැනුම සහ උපාධී පට්ටම් මොලොව අතහැර මරණයට පත් වී පරලොව දුක ම උරුම කරගැනීමට සිදුවනු නො අනුමානයි....!

2 comments:
මේකෙ හතරවන පුවත දැක්කෙ නැත්ද?
මිනීමරුවාගේ අම්මා සිය දිවි හානි කරගන්නට වස බීලා දැන් රෝහලේලු.
මේ කුණු ජරා එෆ්. එම් නාලිකා ටිකත් නැතිකරල දානකං හරියන්නේ නෑ. මේ සිද්ධියේ මිනී මරුවත් මේ කප්පම් මුදල අරගෙන එෆ්. එම් නාලිකාවක් ආරම්භ කරන්න ඉඳල තියෙන්න. ඔය කනාමැදිරි රාත්‍රිය වගේ කුණු වැඩසටහන් තහනම් කරන්න ඔනි.
Post a Comment